රජයේ වාහන 4,000ක් පමණ අතුරුදන් වී ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී ඇතැයි ‘ලංකාදීප’ පුවත් පතේ ප්‍රවෘත්තියකින් හෙළි කර ඇත.

අද (28) නිකුත් කරන ලද එම පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තියකින් මේ බව වාර්තා කර තිබිණි. අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, තැපැල් දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ආයතනවල තිබූ වාහන මෙලෙස අතුරුදන් වී ඇත.

මේ පිළිබඳව ජාතික විගණන කාර්යාලයෙන් ඊයේ (27) විශේෂ විගණනයක් ආරම්භ කර තිබේ.