එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාලිත රංගේබණ්ඩාර නෙරපා හැරීම සම්බන්ධ අභ්‍යන්තර ගැටුම් තව දුරටත් බලපතළ ලෙස පුපුරා යා හැකි බවට තොරතුරු වාර්තා වේ.
මෙයට සති දෙකකට පමණ පෙර සිට එම පක්ෂයේ කළමනාකාරණ මණ්ඩල රැස්වීම්වලදී මූල්‍ය වංචා පිළිබඳව අලු යට ගිනි පුපුරු මෙන් තත්වයක් වර්ධනය වෙමින් පැවති බව හෙළිවේ. එම පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් ඉහළ නිලධාරීන්ට චෝදනා කර තිබෙන්නේ ගෙවී ගිය වසර දෙක තුළ උපයා ගන්නා ලද අයථා ධනය මැතිවරණ ව්‍යාපාරයට යොදවන ලෙස ය.
මේ අතර එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ හිටපු මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර යන දෙදෙනා එකිනෙකාට එරෙහිව අභ්‍යන්තර ප්‍රචාර දියත් කරමින් සිට ඇත. එහි වර්ධනීය අවස්ථාවක් ලෙස පාලිත රංගේබණ්ඩාර නෙරපා හැර තිබේ. නමුත්, එසේ නෙරපා හරින ලද කණ්ඩායමට ඉතා බරපතළ අභියෝගයක් එල්ල කරමින් රංගේබණ්ඩාර සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ම අද (30) ඉතාම කෙටි මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඔහු එහිදී අවධාරණය කර තිබෙන්නේ “මගේ පවුලේ උදවිය නිරන්තර දේශපාලන පලිගැනීමට ලක් කරමින් සිටිනවා. දරුවන්ගෙන් පවා පලිගනිමින් ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය නොකරන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා“ යනුවෙන් දැඩි අනතුරු ඇඟවිමේ ස්වරූපයකින් ප්‍රකාශයක් සිදු කර ඇත.