පසුගිය සැප්තැම්බර් 15 වෙනි දින පැවැත්වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් වංචාකාරී ලෙසින් පිට කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ කමිටුව එම අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර විභාගයට පෙනී සිටි සියළු දරුවන් හට ලකුණු තුන බැගින් ලබා දීමට තීරණ කර තිබිණි.

එයට එරෙහිව සීමිත මාපියන් පිරිසක් නැවත විභාගය පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර විරෝධතා ව්‍යාපාර පවා පවත්වනු ලැබීය. රජය වෙනුවෙන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුනු ඉදිරිපත් කළ අතර එම විභාගය නැවත පැවැත්වීමෙන් දරුවන්ට දැඩි මානසික පීඩනයක් ඇති බව ළමා මනෝ විද්‍යාඥයින්ගේ නිර්දේශ මත අධිකරණයට දැනුම් දී තිබිණි.

මේ අනුව එම විභාගය නැවත නොපවත්වා විභාගයට පෙනී සිටි සියළු සිසුන් හට ලකුණු 03ක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.