සමගි ජන බලවේග පාලනයක් පැමිණියත් ඒ යටතේ පෙට‍්‍රල් ලිටරයක් රුපියල් 150ට ගෙන එන බවට ඇතැමුන් පැවසුවට එය සිදු කළ නොහැකි බවයි සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා කියන්නේ. ඒ නිසා පෙට‍්‍රල් ලිටරයක් රුපියල් 150ට දෙන බව තමන් නොකියන බව ඔහු සඳහන් කරනවා.

රුපියල් 150ට පෙට‍්‍රල් ලීටරයක් ලබා දෙන බව පවසා ඡන්ද ලබාගත හැකි නමුත් එම මුදලට පෙට්‍රල් දින කීයක් ලබාදිය හැකිදැයි ඔහු ප්‍රශ්න කරනවා.

මේ වනවිට පැය 24ම විදුලිය ඇති බවත්, ඉන්ධන සහ ගෑස් පෝලිම් නැති බවත් කුහක නොවී එය පිළිගත යුතු බවත් ඔහු කියනවා.