පවතින බඩගෝස්තරවාදී දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු බවත් රටත් ජනතාවටත් හදවතින්ම ආදරය කරන අලුත් පාලකයෙක් රටට අවශ්‍ය බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.

”හැබැයි මේ යන ක්‍රමය හැමෝටම පේන්න දකින්න තියනවනේ. බහුතරයක් දේශපාලනඥයො මේ ඡන්දය ආදායම් මාර්ගයක් කරගෙන ඉන්නේ. එහෙට මෙහෙට පක්ෂ මාරු කර කර පනින එකෙන්ම ඒක පේනවා. බොහෝ දේශපාලනඥයො දන්නවා මේ අයගෙ අවසන් මැතිවරණය බව. ඒ නිසා බොහෝ අය කරන්නෙ මේ වෙලාවෙ වැඩිපුර මුදලක් හොයාගෙන තමන්ගෙ ගොඩ වැඩි කර ගන්න හදන එක. මේ අයට රට ගැනවත්, දුක් විඳින ජනතාව ගැනවත් කැක්කුමක් නැහැ. හැමදාම මිනිස්සු රැවටුණා. තවදුරටත් මිනිස්සු රැවටෙන්න ඕනේ නැහැ. අලුත් විදිහට හිතන, රටට මිනිස්සුන්ට ආදරේ කරන, හොරෙක් නොවන නායකයකුගේ අවශ්‍යතාව අපට තියනවා ” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියා.