ශ්‍රී ලංකා මහ බැංකුවේ නීත්‍යානුකූල අවසරයකින් තොරව චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් ව්‍යාජ මුදල් අච්චු ගසා ඇති බව අනාවරණය වී තිබේ.

රුපියල් 5000හේ මුදල් නෝට්ටු මේ ආකාරයට අච්චු ගසා ඇත්තේ ”නාට්ටාමි ආමි” යනුවෙන් නම්කර ඇති චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේදී යොදා ගැනීමටය. එම නෝට්ටු පරිහරණය කළ පාසල් සිසුන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇත.

චිත‍්‍රපට අධ්‍යක්ෂක සහ කලා අධ්‍යක්ෂක යන දෙදෙනා නිසි අවසරයකින් තොරව අච්චු ගසන ලද මුදල් නෝට්ටු 58ක් සිසුන් අතට පත්වූයේ කෙසේ දැයි මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතී.