මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් ලබන 14 වනදා පැවැත්වෙන ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඡන්ද දායකයින් සඳහා මැතිවරණ කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම් දෙන්නේ ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව.
අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිලි ලෙස
* ජාතික හැඳුනුම්පත
* වලංගු විදේශ ගමන් බලපත්‍රය
* වලංගු රියදුරු බලපත්‍රය
* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත
* වැඩිහිටි හැඳුනුම්පත
* පූජ්‍ය / පූජක හැඳුනුම්පත
* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත
* මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත
භාවිතා කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් අටදහස් අටසිය අසූ අටක් (8,888) තරගවදින අතර ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් (17,140,354) ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
මහ මැතිවරණයේ ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 64,000ක් වන අතර මැතිවරණයේ ඡන්ද විමසීම නිරීක්ෂණය සඳහා දෙස් විදෙස් නිරීක්ෂකයින්ද එක්වී සිටී.