ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, විදේශ රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාලවලට සහ මහ කොමසාරිස් කාර්යාලවලට මැති, ඇමැතිවරුන්ගේ දූ පුතුන් සහ ඥාතීන් යොදවා තිබූ ආකාරය හෙළි වී ඇත.
ඊයේ (29දා) නිකුත් කරන ලද ‘අනිද්දා’ පුවත් පත හෙළි කර තිබූ තොරතුරු උපුටාගෙන පහත දැක්වේ.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා – එස්. බී. දිසානායකගේ පුත්, තාරක දිසානායක.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ ලිපිකාරිනිය – සුසිල් ප්‍රේමජයන්තගේ දියණිය, ඉන්දීවරී කුලරත්න.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ හිටපු ලිපිකරු – බන්දුල ගුණවර්ධනගේ පුත්, විදුල ගුණවර්ධන.
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ – රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය නියෝජිත අශෝක ජයතුංග (‘වොෂින්ටන් වෘකයා’ යනුවෙන් ඔහු මෙරටට සතිපතා කොලමක් ලිවී ය).
ලොස් ඇන්ජලීස් කොන්සල් ජෙනරල් කාර්යාලයේ නිලධාරී – මහින්ද සහ ගෝඨාභයගේ මස්සිනා (සොහොයුරියගේ ස්වාමිපුරුෂයා) වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස.
ඕස්ට්‍රේලියාවේ කැන්බරා කොන්සල් කාර්යාලයේ තුන්වැනි නිලධාරිනිය – අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳ, ඩී. සී. ප්‍රනාන්දුපුල්ලේ.
ජපානයේ ටෝකියෝ නුවර තානාපති නිලධාරී – රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන රෝලන්ඩ් පෙරේරාගේ සොහොයුරා, රොඩ්නි පෙරේරා.
ජපානයේ ටෝකියෝ නුවර තානාපති කාර්යාලයේ නිලධාරිනී – නිමල් සිරිපාල ද සිල්වාගේ ඥාති දියණිය, ඉන්දු ගුණරත්න.
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති – වංචා, දූෂණ චෝදනා එල්ල වී තිබෙන දේශපාලනඥයකු වන රෝහිත බෝගොල්ලාගම.
ලන්ඩන් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරී – සුසන්ත පුංචිනිලමේගේ පුත්, සේනිය පුංචිනිලමේ.
ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කාර්යාලයේ තුන්වැනි නිලධාරියා – හිටපු රාජ්‍ය ඇමැති, ශාන්ත බණ්ඩාරගේ පුත්, සුගත බණ්ඩාර.
ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කාර්යාලයේ නිලධාරී – දුමින්ද දිසානායකගේ සොහොයුරු, අමිල දිසානායක.
මෙලෙස හෙළිදරවු වී තිබෙන්නේ මහජන මුදලින් තානාපති වරප්‍රසාද ලබා දුන් දේශපාලනඥයන්ගේ ලැයිස්තුවේ කොටසක් පමණක් බව ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.