ජාතික ජන බලවේගය දිස්ත්‍රික් 22 සඳහාම නාම යෝජනා සකස් කර අවසන්ව ඇති අතර ඊයේ (09 ඒ සඳහා අත්සන් තැබීය.
ඒ අනුව ලබන නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ නාමයෝජනා අත්සන් තැබීම ඊයේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිනි.
එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ නීතීඥ සුනිල් වටගත ඇතුළු පිරිසක් එක් වී සිටියහ.