එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් කඳුකර ජනතාව ප්‍රමුඛ දමිළ ජනතාව විසින් ලබා දීමට පෙළ ගැසෙමින් සිටින බව අවධාරණය කෙරේ.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් එම පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිත්නන් සෙල්වරාජ් මේ බව අවධාරණය කළේ අද (30) උදෑසන සිරස පැතිකඩ වැඩ සටහනට එක් වෙමිනි. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ වසර 200ක ඉතිහාසයක් තිබෙන කඳුකර ප්‍රජාව මේ දක්වා යටත් කර ගෙන සිටි පරම්පරා දේශපාලනය අවසන් කරන බව ය.

මේ දක්වා කඳුකර රවටමින් දේශපාලනය ගෙන ගිය තොන්ඩමන් පරම්පරාව ඇතුළු සියලු දෙනා කෙරෙහි ජනතාව දැඩි ලෙස විරෝධයක් දක්වන බව එහිදී ඔහු පෙන්වා දුන්නේ ය.