ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයන් නම් කිරීම සම්බන්ධයෙන් මේ වන විට එම පක්‍ෂය ජාත්‍යන්තරයේ පවා ප්‍රසාදයට පත් වී තිබේ.
එයට විශේෂ හේතුවක් වී තිබෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති අය නියෝජනය කරමින්, දෘශ්‍යාබාධිත අයකු එම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබීම ය.
උපාධිධාරියකු ද වන ඔහු සුගත් ලසන්ත ද සිල්වා මේ ලෙස ජාතික ලැයිස්තුවට නම් කර ඇත. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු ලෙස පත් කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති පළමුවැන්නා සුගත් ලසන්ත ද සිල්වා විය හැකි බවට විචාරකයින් මත පළ කරති. එමෙන් ම එය ජාත්‍යන්තර වශයෙන් විශේෂ ඇගයීමකට ද ලක් වනු ඇතැයි දැනටමත් මත පළ කෙරෙමින් තිබේ.