තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජීවතුන් අතර සිටියදී තමන්ට දේශපාලනය තහනම් කර තිබූ බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. පවුල් දේශපාලනයට තමන් විරුද්ධ බවද පැවසූ ඔහු තමන්ව දේශපාලනයට ගෙන එන්න යෝජනා කළ එදා එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයකුගේ පක්ෂ සාමාජිකත්වය පවා තම පියා විසින් අත්හිටුවන ලද බවයි ඔහු කියන්නේ.
තමන් දේශපාලන පවුලකින් පැවත එන්නෙකු වුවද ඒ සම්බන්ධයෙන් කිසි උද්ධච්චකමක් හෝ අධි තක්සේරුවක් නැතැයිද පැවසු ඔහු තමන්ගේ නිහතමානිකව වැඩිමවත් තව ටිකක් පොෂ් විය යුතු බවත් ඇතැමුන් කියන බවද ඔහු කියා සිටිනවා.