මහ මැතිවරණයක් පැවැත්වීමට මුදල් වෙන් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා එබව සඳහන් කර ඇත්තේ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩාමේ රැස්වීමේදී ය.
‘‘මහ මැතිවරණයක් ගැන අනුර දිසානායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් කියනවා. මහ මැතිවරණයකට මුදල් වෙන් කරලා නැහැ. අයවැයෙන් රුපියල් බිලියන දහයක් වෙන් කරලා තියෙන්නෙ ජනාධිපතිවරණයකටයි’’ ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
” ජනපතිවරණය අනිවාර්යෙන් පවත්වනවා”
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම්වලට තමා සම්බන්ධයක් නොමැති බවත් ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බවත් ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට අවධාරණය කර ඇත.
තමන් විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතේ තබා ගෙන සිටින බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ‘‘වැඩිය දැඟලුවොත් හය පහ කරලා පහ හය කරනවා” යයි ද පවසා ඇත.
”ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නඩු දාපු රොහාන් පල්ලේවත්තගේ පක්ෂ සාමාජිකත්වය ගැන හොයන්න අපට දවසක් ගියා. නමුත් ජී.එල්. පීරිස් මන්ත්‍රිවරයාට ගියේ පැය භාගයයි’’ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.