ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විශ්‍රාම වැටුප් අහෝසි කර තිබේ.

මේ අනුව, පසුගිය සැප්තැම්බර් 11 වෙනි දින සිට එය බලපැවැත්වෙන බවත්, මෙතෙක් සිටි මහබැංකු අධිපතිවරුන්ගේ ද වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ මෙන් ම, ඉදිරියේදී පත්වන මහ බැංකු අධිපතිවරුන්ගේ ද විශ්‍රාම වැටුප් අහෝසි කෙරෙන බව එමගින් දක්වා ඇත.

අද (03) නිකුත් කළ ලංකාදිප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මේ බව හෙළිකර තිබේ.