පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලයතව වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය යෝජනා කිරීමත් සමඟ එයට එරෙහිව රවී කරුණානායක ඇතුළු පිරිසක් යුද වැදී තිබෙන ආකාරය විස්තර සහිතව හෙළිකර තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය 6 වෙනි බ්‍රහස්පතින්දා ලංකාදීප පුවත්පත තබා තිබූ සටහන උපුටා ගෙන පහත දැක්වේ.

“දේශපාලනය තේරෙන අය තනතුරුවලට දාන්න ඕනෑ. බහුබූත කතා කිව්වම හෑල්ලු වෙන්නේ අපේ පක්ෂය – එහෙම කිව්වේ එජාපයේ කොළඹ නායක රවී කරුණානායක ය”

“මම බහුබූත කතා කිව්වේ නෑ මම කිව්වේ ව්‍යවස්ථාවේ තියෙන එක. මම කියපු එකේ දේශපාලනය තියෙන නිසා තමයි සජිත් ප්‍රේමදාසවත් අනුර කුමාර දිසානායකවත් වචනයක්වත් නොකිව්වේ. – රංගේබණ්ඩාර උත්තර බැන්දේ ය.”