දේශපාලන බලය යොදා ගනිමින් මහීපාල හේරත්ගේ බිරිඳ අනුරාධපුර වැව් රක්ෂිතයක් මෙන් ම, රජයේ ඉඩම් කොල්ල කා ඇති බව අනවාරණය වී තිබේ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස මහීපාල හේරත් කටයුතු කළ කාලයේදී එම ඉඩම් කොල්ලය සිදු කර තිබේ. අනුරාධපුර මධ්‍යම නුවර ගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුකැලියාව අංක 302 පෙරියම්කුලම වැව් රක්ෂිතයේ එක් ඉඩම් කොල්ලයක් සිදු කර ඇත. එමෙන් ම, තවත් ස්ථාන කිහිපයක මේ ලෙස රජයේ ඉඩම් කොල්ල කා ඇති අතර පර්චස් 160ක පමණ විස්තර මේ වනවිට අනාවරණය කර ගෙන තිබේ.
මහීපාල හේරත්ගේ බිරිඳ වන අජන්තා රූපසාරී හේරත්ගේ නමින් එම ඉඩම් අත්පත් කර ගෙන තිබේ. ඉඩම් හිමිකාරියගේ ලිපිනය ලෙස අංක 76, රත්නගිරි, මොළමුරේ මාවත, කෑගල්ල යනුවෙන් සඳහන් වන බව වැඩි දුරටත් හෙළි කර ගෙන ඇත.