පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී පසුව රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ප්‍රචාරකයෙකු ලෙස ක්‍රියා කළ හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එලෙස කැඳවා ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ 2020 වසර අවසානයට ආසන්නව තිබියදී එතෙක් ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා අය කළ රුපියල් 50ක බද්ද ශත 25 දක්වා කපා හරිනු ලැබීය. එහෙත් එම බදු අඩු කිරීමේ සහනය ජනතාවට නොදී රුපියල් කෝටි 1,600ක පමණ බදු වංචාවක් සිදු කරනු ලැබීය.
එම බදු මුදල් නැවත රජයට අය කර ගන්නා බව රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ එවකට ඇමතිවරු ප්‍රකාශ කර තිබිණි. එහෙත් රනිල් වික්‍රමසිංහ එම මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් කිසිවක් නොකළ අතර බන්දුල ගුණවර්ධන මේ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.