පසුගිය මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් 6,000ක් පමණ වියදම් වාර්තා ලබා නොදීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමේ තත්ත්වයක් උදා වී තිබේ.

මැතිවරණ නීතිය අනුව මැතිවරණය පවත්වා සති තුනක් ඇතුළත එම වාර්තා ලබා දිය යුතු වුවත්, මේ දක්වා ලබා දී ඇත්තේ, අපේක්‍ෂකයන් 1,985 දෙනකු පමණක් බව හෙළි කර තිබේ.

මෙම වාර්තා ලබා දීමට තිබූ කාලය අද (6දා) මධ්‍යම රාත්‍රියෙන් නිමා වේ. වාර්තා ලබා නොදුන් අපේක්‍ෂකයන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වසර තුනක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව විසින් පෙන්වා දී තිබේ.