අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ එම බලයත්, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක බලයත් යොදා ගනිමින්, මරදාන, ප්‍රධාන මාර්ග දෙකක් වසා දමා අවසන් ප්රචාරක රැලි පැවැත්වීමට ගත් උත්සාහය පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිපතිවරණයේ දී පමණක් නොව අනෙක් කිසිදු අවස්ථාවක දී ද ප්‍රධාන මාර්ග වසා දමා දේශපාලන රැලි පැවැත්වීමට ඉඩ දිය නොහැකි බවත්, මහජනතාවට සිදු වන දැඩි අපහසුතාව සලකා බලමින්, මෙම තීරණය ගෙන ඇති බවත් ස්නාහිර පළාත් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති, ප්‍රියන්ත ලියනගේ ප්‍රකාශ කර ඇත.
රනිල් වික්‍රමසිංහගේ අවසන් ප්රචාරක රැලිය මරදාන, එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය වසා දමා පැවැත්වීමට සැලැසුම් කර තිබිණි. එමෙන්ම සජිත් ප්‍රේමදාසගේ අවසන් ප්රචාරක රැලිය එල්ෆින්ස්ටන් රඟහලට සමීපව මරදාන, ටවර් රඟහල පිහිටි මාර්ගයේ පැවැත්වීමට සැලැසුම් කර තිබී ඇත. මේ සඳහා අවශ්‍ය නිර්දේශ කොළඹ නාගරික කොමසාරිස්වරියගෙන් ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලිසිය මඟින් ලබා දිය යුතු අනුමැතිය ලබා දී නොමැත.