රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනපතිවරණයේ අපේක්ෂකයෙකු වුවත් පොලිස්පතිවරයෙකු පත් කිරීමට ඔහුට හැකි බවත් මැතිවණ නීතියෙන් ඊට බාධාවක් නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර ඇත්තේ ඊයේ (29) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සංවාදයකදීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයෙන් ඉවත් වී නොමැති නිසා ඔහුට ඇති විධායක බලතල භාවිතා කර පොලිස්පතිවරයෙකු පත් කිරිමට හැකියාව විධායක බලතල අනුව පැවරී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති එහිදී වැඩිදුරටත් අවධාරණය කරයි.