පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) දිනයේ දී මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබෙනවා.
මෙහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරනවා.
ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි ඔහු කියන්නේ.