හිටපු ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කර තිබූ කැඳවීමක් අනුවය.

මීට පෙර එනම් නොවැම්බර් 12 වනදා මෙම පරීක්ෂණයට අදාළව හිටපු රාජ්‍ය ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා කැඳවීමක් සිදු කර තිබූ නමුත් ඔහු එදින එහි පැමිණ නොසිටියහ.

මෙයට අදාළ පැමිණිල්ල ගොනුකර ඇත්තේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා විසිනි. මෙම පැමිණිල්ලට අදාලව එම පියතුමාගෙන් මීට පෙර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී.