පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා නිකුත් කර තිබෙන පිස්තෝලයට අමතරව රිපීටර් තුවක්කුවක්ද ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබෙනවා. පිස්තෝලයට අමතරව මන්ත්‍රීවරුන්ට රිපීටර් අවි ලබාදීමට තීරණය කර තිබෙන්නේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බව සඳහන් වෙනවා. මංත්‍රීවරුන් 225 දෙනාටම එම අවි ලබාදීමට නියමිතයි. ගාස්තු අයකර එම අවි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට දැනුම් දී ඇතිබවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයයෙන් කළ විමසීමේ දී එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ සිටියේ මේවන විට මංත්‍රීවරුන් පස් දෙනෙකු පමණක් රිපීටර් අවි ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති බවයි.