ජාතික ජන බලවේගය අනුව යමින් සජිත් ප්‍රේමදාස පිල ද රටේ විවිධ ප්‍රදේශවල කාන්තා රැලි පවත්වමින් සිටි ප්‍රචාරක ව්‍යාපාරය ආර්යාවකගේ මැදිහත්වීමෙන් නතරවී ඇති බව වාර්තා වේ.

දිස්ත්‍රික් කිහිපයක එම කාන්තා රැලි පැවැත්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ හිටපු මන්ත්‍රීවරියක ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණීම නිසා ආර්යාවක් කළබල වී ඇති බව හෙළි වේ. මේ අතර තලතා අතුකෝරල මන්ත්‍රීවරිය යූටියුබ් නාළිකාවකට විවෘතව ම ප්‍රකාශ කර තිබුණේ තම පක්ෂයේ සාමුහික තීරණ ගැනීම් නොමැති බවත් අත්තනෝමතික ක්‍රියාකාරීත්වයන් ඇති බවත් ය.

ඒ බව තව දුරටත් සනාථ කරමින් කන්තා රැලි පවත්වමින් ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරය ද අත්තෝමතික තීරණ මත නතර කර ඇති බව හෙළිවේ.

තවද මෙම සජබ නැමැති පක්ශය ජනතා හිතවාදී පක්ශයක් නොවන බවත් එය හුදෙක් සජිත්ගේ හා ජලනිගේ පෞද්ගලික දේපලක් බවටත් දේශපාලන විචාරකයන් මත පල කරයි.


ඔවුන් සදහන් කරන්නෙ සජබ නාමයේ නිවරදි අර්ථය සමගි ජන බලවේගය නොවන බවත් එය සජිත් ජලනි බලවේගය බවත් ය.

අපට, මේ ප්‍රේමදාස ආර්යාව පක්ෂයේ යාන්ත්‍රනයට අත පෙවූ පලමු හා අවසාන අවස්ථාව නොවන බවට තහවුරු කරමින් තොරතුරු ලැබී ඇත.
තම පක්ශය නිසි ලෙස පාලන කළ නොහැකි අයෙකු රටක් පාලනය කරයි යැයි සිතීමද විහිලුවකි.