රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සංවිධානය කිරීමේදී බරපතළ පරස්පර විරෝධතා රැසක් මතු වී තිබේ.
පසුගිය සඳුදා කොළඹ මල් පාරේ පිහිටි ප්‍රචාරක කාර්යාලයට ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, වජිර අබේවර්ධන සහ මනූෂ නානයක්කාර ඇතුළු පිරිසක් එක් වී සාකච්ඡා කළ බව වාර්තා වේ.
එහිදී යෝජනා වී තිබෙන්නේ ඡන්දය ඉල්ලමින් ගෙයින් ගෙට යාම වේගවත් කළ යුතු බව ය.
එම යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළ ප්‍රසන්න රණතුංග පවසා ඇත්තේ පොහොට්ටු පක්ෂයේ සිටි පැමිණි තම ආධාරකරුවන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ආධාරකරුවන් යන දෙපිරස ම එක් වී යා යුතු බවයි.