රනිල් වික්‍රමසිංහ පිල සමඟ එක් වී සිටින පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අංක තහඩු නොමැති යතුරුපැදි ධාවනය කරමින් පෙළපාලි ගොස් නීතියට ඉහළින් සිටින බව තහවුරු වී තිබේ.

රනිල් වික්‍රමසිංහ වෙත තම සහයෝගය පළ කරන බව ප්‍රකාශ කිරීමට රෝහිත අබේගුණවර්ධන බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසයේ වාඩියමංකඩ ප්‍රදේශයේ නීති විරෝධී ව මෙසේ රිය පෙළපාලියකින් සැරිසරා ඇත. ඒ පිළිබඳව පසුගිය අගෝස්තු 11 වෙනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ කර තිබූ වාර්තාවක් ඊයේ (13) ලංකාදීප පුවත්පතේ ද පළ කර තිබූ ලිපියක අන්තර්ගත කර තිබිණි.

“ගිය සතියේ ඔහු අංක රහිත මෝටර් රථයක් පදිමින් පෙළපාලිය පෙරටු කොට ගෙන ගමන් ගත්තේ ය. බණ්ඩාරගම ඡන්ද කොට්ඨාසයේ වාරියමංකඩ ප්‍රදේශයේ ඔහු සැරිසැරුවේ මේ අයුරින් කලින් පැවති මැතිවරණයකදී මහින්දට සහාය නොදී ගෙදර එන්න එපා යනුවෙන් සිය මව් ඔහුට කී බව ඔහු කියා සිටියේ ය. එසේම මෙම ජනාධිපතිවරණයේ දී ජනාධිපති වික්‍රමසිංහට වැඩ නොකර ගෙදර එන්න එපා යැයි සිය මව කී බව ඔහු ප්‍රකාශ කළේය.” යනුවෙන් සඳහන් කර තිබේ.