ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග මත සේවය අත්හිටුවා සිටින දේශබන්දු තෙන්නකෝන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් සජිත් ප්‍රේමදාසගේ පිලේ සිටින හිමිවරු මගින් අතුරු පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සහ තවත් හිමිවරු දෙදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. එමගින් අවධාරණය කර ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් බුදු දහමට ලැදි විනයගරුක නිලධාරියෙකු බව ය. දේශබන්දු තෙන්නකෝන් කෘර වදහිංසා පැමිණවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වී සිටී.

එමෙන් ම සංවිධානාත්මක ඝාතන කල්ලි ක්‍රියාත්මක කිරීම ඔහු පොලිස්පති ධුරයේ කටයුතු කළ පරිච්ඡේදය තුළ ජනතාව භිතියට පත් කරන මට්ටමට පත් කර තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් ඔහුගේ සේවය අත්හිටුවීමෙන් පසුව ගත වු කාලය තුළ සංවිධානාත්මක ඝාතන ද නැවතී තිබේ.

මේ අතර, දේශබන්දු තෙන්නකෝන්ගේ සේවය අත්හිටුවීමේ නියෝගය ලබා ගැනිම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ මැල්කම් රංජිත් අගරදගුරු හිමි සහ සිවිල් සංවිධාන අතරට සමගි ජන බලවේගය ද එක් වී සිටීම විශේෂත්වයකි. මේ අනුව සේවය අත්හිටුවිමේ නියෝගය ලබා ගැනීමට මෙන් ම, එම නියෝගය අවලංගු කිරිමේ ඉල්ලිම ද යන රංගනයන් දෙකම එක විට සජිත් ප්‍රේමදාසගේ දේශපාලනයට යොදා ගෙන තිබේ.