ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ 05කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
සමහර දේශපාලන පක්ෂවල ලේකම්වරුන් දෙතුන් දෙනා සිටින බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු එම නියෝජිතයන් කැඳවා පසුගියදා සාකච්ඡා කළ නමුත් එම ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයට නොපැමිණීම හේතුවෙන් කොමිසම මෙම තීරණය ගත් බව එහි සභාපති ආනන්ද රත්නායක පවසයි.
අධිකරණය හරහා හෝ ගැටලුව නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස එම පක්ෂ පහේ නියෝජිතයන්ට අනතුරුව දැනුම් දුන් බවද ඔහු සඳහන් කරයි.
මෙම පක්ෂ පහ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය කාලයේදී පැමිණිලි ගණනාවක් ලැබී තිබූ බවද අනාවරණය වේ.
මේ අතර දේශපාලන පක්ෂ 15ක පමණ ලකුණු මාරු කිරීම් සහ නම් මාරු කිරීම් සම්බන්ධ ගැටලු පසුගිය දිනවල එම පක්ෂ නියෝජිතයන් කැඳවා විසඳු බව මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කරයි.