කතරගම දේවාලයට පුදපඬුරු ලෙසින් ලැබෙන මුදල් සහ රන් ආභරණ බෙදා ගැනීමට කපුවන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ.

ඒ පිළිබඳව කතරගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ඊයේ (01) අදාළ ගුටි කෙළිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අධිකරණයට ඉදිරිපත් කර තිබේ. වාර්තා වන අන්දමට පාරම්පරික කපු පාර්ශව දෙකක් අතර ආදායම් බෙදා ගැනීම වෙනුවෙන් මෙම ගුටි කෙළිය ඇතිවී තිබේ.

කතරගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රහාරක කපුවා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හරින ලද බව වැඩි දුරටත් වාර්තා වේ. මේ දිනවල ඇසළ මහා පෙරහැර පැවැත්වෙන බැවින් අති විශාල මුදල් ප්‍රමාණයක් පඬුරු වශයෙන් දේවාලයට පූජා කෙරෙයි. එම කපුවන්ගේ ආදායම් යම් ප්‍රමාණයකින් අඩු වී පැවති මහින්ද රාජපක්ෂ පාලනය මුල් සමයේ කතරගම දෙවියන් ජීවමානව දර්ශනය වන බව පවසා මිලියන ගණනක් මිනිසුන් කැඳවා ගෙන මහා ධනස්කන්දයක් උපයා ගැනීමේ ප්‍රොඩාවන් පවා දියත් කර තිබිණි.