ෂිත දේශපාලනය අතුගා දමා ගොඩනගය මාලිමාවේ නව පාලනය තුළ මෙරට නව යුගයක් ගොඩනඟන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (30) පැවති “ගැහැනු අපි එක මිටට මාලිමාවට” කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න,
“ඔබේ කාගේත් තිබෙන බලාපොරොත්තුව, වසර 76ක දූෂිත දේශපාලනය පරද්දලා නව ජනතාවාදී දේශපාලනයක් මේ රටේ බිහිකර ගන්න. මේ 2024 කියන්නේ ලංකාවේ ඓතිහාසික වසරක්. අපි කවුරුත් පිළිගන්නවා විශේෂයෙන් කාන්තාවන් රට තුළත් ලෝකය තුළත් ආර්ථික ක්‍රියාවලිය තුළ සමාජීයවත් ගෘහය තුළ පෞද්ගලිකවත් විශාල වැඩ කොටසක් කරනවා. කාන්තාව විමුක්තිය ඉල්ලනවා නම් ඒ විමුක්තියේ තිඹිරිගෙය නිර්මාණය වෙලා තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළයි.
පසුගිය දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන් විවිධ දේශපාලන රැස්වීම්වලට ගෙනියන්න ඇති. ඒත් ඔබට එක වැඩක් බාර දෙන්න නැතිව ඇති. ඒ බාර නොදුන් වැඩේ තමයි අපි මේ ඔබට බාරදී තිබෙන්නේ. අද මෙතන කෑගල්ල දිස්ත්‍රික්කයේ විධායක සභාවට කාන්තාවන් 50කට වැඩි පිරිසක් තේරී පත්වුණා. කෑගල්ල වෙනුවෙන් නායකත්වය දෙන්න මේ සහෝදරියන්ට හදවතින්ම මම ශක්තිය හා ධෛර්යය, සුබ ප්‍රාර්ථනා කරනවා. මේ වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන් නායකත්වයෙන්. මෙතුවක් කලක් ලංකාවේ කාන්තාවන්ට දේශපාලනයේ තැනක් දී තිබුණා නම්, ඒ තාත්තා මැරුණොත් දුවට ගිය, මහත්තයා මැරුණොත් බිරිඳට ගිය වැන්දඹු දේශපාලනය තුළයි. ඒක පවුල් දේශපාලනයක්. අන්න ඒ දේශපාලනයට තිත තියලා, මේ මහපොළොවෙන් උපන් කාන්තා නායකත්වයක් හදා තිබෙන දේශපාලනයක් තිබෙනවා නම්, ඒ ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාව කියා අද ඔප්පු කර තිබෙනවා. ප්‍රශ්න තිබෙන තැනින්ම නායකයෝ එන්න ඕනෑ. කරගැටයක්වත් මතු නොවුණු, මහා ධනකුවේර පවුල්වල උපත ලබපු අයට පොදු මහ ජනතාවට සේවය ගන්න බාර දුන්නා. ඔවුන් ඔවුන්ට සේවයක් කර ගත්තා. කාන්තා හෝ පිරිමි සැබෑ නායකයෝ බිහි කරන්න ඕනෑ ජනතාව අතරිනුයි.
මේ 2024 වසරේ ඇරඹෙන්නේ මිනිස්සු ජාතික වශයෙන් එකතු වෙලා රට ගොඩනඟන්න වෙර දරන ඓතිහාසික යුගයක්. කාන්තාවෝ අද හිංසනයට, පීඩාවන්ට, නොසලකා හැරීම්වලට, අතවරවලට පත්වෙලා. ඒ පුරුෂයන් නිසාම නොවෙයි. මේ සමාජ ක්‍රමය වෙනස් කරන්නේ නැතිව පීඩාව වෙනස් කරන්න බැහැ. අපි මේ උත්සාහ ගන්නේ එක පාලක කණ්ඩායමක් වෙනුවට තවත් එක පාලක කණ්ඩායමක් බිහිකර ගන්න නොවෙයි; පවතින ක්‍රමය වෙනුවට විකල්ප ක්‍රමයක් මේ රටට ගේන්න. මේ පවතින දේශපාලන ක්‍රමය අතුගා නව ආර්ථික ක්‍රමයක් ගොඩනඟන්න ඕනෑ. ඒකට තමයි ජාතික ජන බලවේගය මේ වෙහෙස ගන්නේ. ඒ සඳහා සෑම බලවේගයක්ම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. මේ රටේ කාන්තා හිංසනය වැඩිපුරම තිබෙන්නේ ගෙවල්වල නොවෙයි. පාර්ලිමේන්තුවෙන්, ජනාධිපති මන්දිරයෙන්, අරලියගහ මන්දිරයෙන් තමයි, ඔබව හිංසනයට පත් කරන්නේ. බඩු මිල වැඩිකරන්නේ, බදු ගහන්නේ, ඉස්කාගාර ටික දාලා දෙන්නේ, කුඩු ගේන කට්ටිය බිහිවෙලා ඉන්නේ, පාතාලෙ නිර්මාණය වී තිබෙන්න් ඒ තැන්වලින් තමයි. අයුක්තිය, අසාධාරණය නිර්මාණය කරන්නේ. ජාතිවාදය, ආගම්වාදය, යුද්ධ, කලකෝලාහල නිර්මාණය කරන්නේ ඔවුනුයි. ජාතික ජන බලවේගය අතට පාලන බලය ගිය දාට ඔය හිංසනය හමාරයි. මේ රටට සහනය ගේන්න අපි සූදානම්.
කාන්තාවට සාහිත්‍ය තුළ, කලාව තුළ තැනක් දීලා තිබෙනවා. නමුත් රටේ ලෝකේ ඒ තැන දීලා නැහැ. ඒ තැන අපි දිනාගත යුතු තැනක්. ඒකට එකතු විය යුතුව තිබෙනවා. දැන් මැතිවරණය ආසන්න වෙනකොට දේශපාලන පොරපිටිය රත්වෙමින් එනවා. බඩු මලු, සල්ලි, අරක්කු බෙදනවා. ජනතාව එකතු කරලා මුලා කරනවා. ඒ ඔළුගෙඩිවලයි මේ ඔළුගෙඩිවලයි වෙනසක් තිබෙනවා. මෙතන ගැඹුරක්, බරක්, හරයක් තිබෙනවා. මේ දහස් සංඛ්‍යාත කාන්තාවන් එකතු වුණේ පොරොන්දු දීලා, බත් පැකට් දීලා, රවට්ටලා නොවෙයි. රට ගැන හිතලා ආපු ජනතාවක් මේ ඉන්නේ. මෙතන ගුණය, හරය වැඩියි. මෙවැනි ජනතාවක් අනිවාර්යයෙන් මේ රට ගොඩගන්නවා. රැවටීමෙන් තොරව, දැනුමෙන් සන්නද්ධ කරලා, අවබෝධය හදලා හදවතට හැඟීම ගෙනත් මේ රැස්කර තිබෙන්නේ. හිස්තැන්වලට මිනිස්සු එකතු වෙලා ගොඩනැගිය හැකි රටක් නැහැ.
මේ රටේ කීර්තිමත් සාහිත්‍යවේදියෙක්, ගීත රචකයෙක්, ලේඛකයෙක් වූ ඩබ්ලිව්.ඒ අබේසිංහ මහතා කාන්තාවට තැන දීලා අපූරු ගීතයක් ලිව්වා. නන්දා මාලිනිය විසින් ඒ ගීතය ගැයුවා.
මිහිමඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා
ලංකා ඉතිහාසය වෙනස් කරන ප්‍රබලම කොටස්කාරයෝ බවට පත්වෙන්නේ කාන්තාවන් බව මේ එකතුවෙන් පේනවා. කාන්තාවන්ගේ මේ ප්‍රබෝධමත් නැගිටීම ගැන රටේ පාලකයෝ අන්දුන් කුන්දුන් වී බලා සිටිනවා. මේ සමාජය උඩුයටිකුරු කළ හැකි සන්නිවේදන හැකියාව තිබෙන්නේ පිරිමින්ට වඩා කාන්තාවන්ටයි. අපේ රටේ ගත්තත්, ලෝකයේ ගත්තත් ඔබ විවිධ හැකියාවන්ගෙන් යුක්ත අපතේ හැරි මානව ප්‍රාග්ධනයක්. මේ රට ඔබෙන් හොඳම ප්‍රතිඵලය ගත්තේ නැහැ. ඊළඟට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදෙන කොට ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය වාර්තා වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ. දූෂිතයෝ පැත්තකට දාලා, ගැහැනු පිරිමි එකතු වෙලා මේ රට හදමු.
මේ රට ගිලා බස්සපු රටක්. සෑහෙන්න දේවල් ගොඩගන්න තිබෙනවා. ඒකට විශාල බලයක් යොදන්න ඕනෑ. මේ රට ගොඩනගන්න ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. ලංකාව විදේශිකයන්ට අවුරුදු 443ක් යටත් වෙලා හිටියා. අපේ රටේ නිදහස් ව්‍යාපාරයක් තිබුණේ නැහැ. 1948 නිදහස ගන්න කොට නිදහස් සටන් ව්‍යාපාරයක් තිබුණේ නැහැ. ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරයක් තිබුණා. මහත්මා ගාන්ධිලා, නේරුලා, චන්ද්රබෝස්ලා එකතු වෙලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වෙන්න දැවැන්ත පීඩනයක් ඇති කරලා නිදහස ලබා ගත්තා. 1948 අපේ රටටත් නිදහස දීලා ගියා. අවුරුදු 76ක් ගිහින් බලන කොට ලැබුණු නිදහසකුත් නැහැ, ලෝකයේ බංකොලොත් රාජ්‍යයක් ලෙස නම්කර තිබෙනවා. මේකට වගකියන්න ඕනේ අවුරුදු 76ක නිල් – කොළ පාලනය. අපේ රටේ ආර්ථිකය වැටිලා, කර්මාන්ත වැහෙනවා, ව්‍යාපාර වැහෙනවා, රැකී රක්ෂා අහිමි වෙනවා, පාලකයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදියට දැන් බදු ගහනවා. බඩුමිල වැඩි කරනවා. දඩ ගහනවා. රටම හිංසනයට, පීඩනයට පත්වෙමින් තිබෙනවා. මාධ්‍ය තුළ කියනවා තිබුණු වලෙන් රට ගොඩ එනවා, කියලා තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැතිවෙලා කියමින්, ප්‍රශ්න හංගන්න හදනවා. එදා බඩු මිලට වඩා අද බඩු මිල තුන්ගුණයකින් වැඩිවෙලා. පීඩාව හංගන්න හදනවා. තුන්වේල කන්න නැහැ මන්දපෝෂණය වැඩිවෙලා. උගත්තු, දරුවෝ රට අතහැර යනවා.
ඉතිහාසයේ බලවේග සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග විදියට බණ්ඩාරනායක මහත්තයලා එකතු කළා. අද ඒ බලවේග නැහැ. ඒ බලවේගවල හොඳම ගුණය, අවංකකම එකතු වෙලා වෙලා ඉන්නවා. පූජ්‍ය පක්ෂය එකතු වී මහා සඟ සමුළු පවත්වනවා. ගොවියෝ දැවැන්ත බලවේග ලෙසත් ඒ වගේම ධීවරයාත් විවිධ ක්ෂේත්රවල ඉන්න කම්කරුවෝත් ගුරුවරු, වෛද්‍යවරු, එකතු කරමින් මේ වගේ සමුළු පැවැත්වෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය පිහිටුවා තිබෙනවා. ව්‍යාපාරිකයන් වගේම ත්‍රී විලර් එකමුතුවත් පිහිටුවමින් තිබෙනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ගොඩනඟා තිබෙනවා. තව ටික දිනකින් ජාතික ජන බලවේගයේ පොලිස් සාමූහිකයත් පිහිටුවනවා. දැවැන්ත ව්‍යාපාරයක් වන සමෘද්ධි ව්‍යාපාරය මූලික කරගෙන සමෘද්ධි සාමූහිකය ගොඩනඟමින් යනවා. ජාතික ව්‍යාපාරයක් හැටියට සිංහල දෙමළ, මුස්ලිම් කිසිදු බේදයක් නැතිව සියලු බලවේග එකතු කරමින් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ නව පුනරුදයක් ගොඩනැගීමට මේ වගේ කාන්තාවන් පෙරමුණටම ගෙනයනවා.
වැටුණු රටක් ගොඩගන්න ලේසියි. ගිලා බැස්සූ රටක් ගොඩගන්න අමාරුයි. අපි උරදීලා තිබෙන්නේ ඒ අමාරු තැනින් රට ගොඩගන්න. තවමත් අප වටා එකතු වුණු නැති අයට අපි ආදරයෙන් ආරාධනා කරනවා අපේ දරුවන් වෙනුවෙන් මේ රට ගොඩගන්න අපිත් එක්ක එකතු වෙන්න. ජාතික ජන බලවේගයෙන් දරුවන්ට රටක්, රටට හෙටක් අපි අනිවාර්යයෙන්ම ගොඩනඟනවා. නිදැල්ලේ සිටින වැරදිකරුවන්ට අධිකරණයෙන් දඬුවම් ලබාදීමට අපි ක්‍රියාකරනවා.
පැත්තෙන් පැත්ත අඳිමින් නිල්-කොළ රෙද්ද
හැත්තෑ හය වසක් රට කෙරුවා සුද්ද
කෑගලු ගැහැනු අද එක මිටකට එක්ව
මේකයි උන්ව හැඳි ගාවන අවුරුද්ද
කියලා හැමෝම සූදානම් වෙන්න.
මැතිවරණ පිළිබඳව අවිනිශ්චිතතාවය ගොඩනඟමින් යනවා. මොන ප්‍රචාර ගෙනගියත් ලබන නොවැම්බර් මාසය වන විට අනුර දිසානායක සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දී ජනතාවාදී පාලනයකට මුල පුරනවා. දැන් දූෂිත කණ්ඩායම් ඔක්කෝම එකට එකතු වී අපට එරෙහිව මඩ අවලාද නිර්මාණය කරනවා. අපි බලවත් වෙනකොට ජනතාවට බඩු බෙදීමත් වැඩිකරනවා. බඩු මිල පහත දානවා. මහ බැංකු වංචා බදු සල්ලි, සීනි බදු වංචා සල්ලි, ඉස්කාගාර අපි ළඟ නැහැ. ඒවාට විරුද්ධව අපි ජනතාවට දැනුම බෙදනවා.
අපි මේ ගමන ආවේ තනතුරු තානාන්තර බලාගෙන නොවෙයි. ඔවුන් වනසපු රට අපේ ජීවිත කාලය තුළදී අපේ දෑතින් අපේ දරුවන්ට ගොඩනඟා දීමේ හීනයක් අපට තිබෙනවා. දූෂිත දේශපාලනය අතුගා දමා, මේ රටට නව යුගයක් අපි ගොඩනඟනවා. ඔවුන් රටේ සම්පත් විකුණමින්, ණයට කමින්, හොරා කමින් රට විනාශ කළා. ඔබේ දිස්ත්‍රික්කය ගොඩනගන්න තිබුණු බෝගල පතල විකුණා දැම්මේ කෝටි 36.5කට. කහටගහ පතල එක්කෝටි හැටලක්ෂයකට වික්කා. රනිල්ලා අදත් විකුණනවා. කිරි මණ්ඩලයට අයිති ඉඩම් විකුණනනවා. වතුර විකුණන්න පනතක් ගෙනත් තිබෙනවා.
පවුල් පාලනය අවසන් කර, නිෂ්පාදන කර්මාන්ත මූලිකකර ගත් ආර්ථිකයක් අපි ගොඩනඟනවා. නිෂ්පාදන ආර්ථිකයක් තුළ පොදු ජනතාවගේ අත මිටට සාධාරණ ලෙස ආදායම් බෙදා දෙන්න සලස්වනවා. ජාතිවාදය, ආගම්වාදය සදහටම තිත තියනවා. රටටත් ලෝකයටත් ගැලපෙන හොඳම අධ්‍යාපනය අපේ දරුවන්ට ලබාදෙනවා. ජනාධිපතිගේ සිට දේශපාලකයන් හැටියට රටට ආදර්ශ ලබාදෙනවා. අරපිරිමැස්මෙන්, අල්පේච්ඡතාවයෙන් වැඩකර ජනතාවට ආදර්ශ ලබාදෙනවා. සියලුම මිනිසුන් එක්ව එකට පොරබදමින් නව පුනරුද යුගයකට රට ගේනවා. කලාකරුවන් ඒ වෙනුවෙන් නිර්මාණ බිහිකරාවි. රටේ ගොවියන් අලුත් තාක්ෂණය එක්ක විදේශ වෙළඳපොළටත් ගැලපෙන බෝග වගාකරාවි. ඒ වෙනුවෙන් පස්අවුරුදු සැලසුම් අපි හදනවා. ජාතික ජන බලවේගය වටා එක්රැස්වී යුක්තිය, සාධාරණත්වය, මනුෂ්‍යත්වය තිබෙන, බතබුලතින් සරුවූ, නැණ නුවණින් පොහොසත් වූ අභිමානවත් රටක් හදන්න අපි සියලු දෙනා ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමු.”