දුෂණයට වංචාවට සම්බන්ධ පිරිස් සිය පක්ෂයෙන් මෙවර මහමැතිවරණයට තරඟ කිරීමට ඉල්ලුම් කළ බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක, රංජන් රාමනායක මහතා ප්‍රකාශ කළා.

ඔවුන් සියලු දෙනා ඒ අනුව ඉවත් කිරීමට තීරණය කළ බවයි මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු කියා සිටියේ.

එම නිසා මෙවර තම පක්ෂය තරගවදින්නේ දිස්ත්‍රික්ක 09කට පමණක් බව ද රන්ජන් රාමනායක මහතා සඳහන් කළා.

මෙම මැතිවරණයේ දී ආණ්ඩු බලය ගැනීමට සූදානම් නොමැති අතර අවශ්‍ය වන්නේ විපක්ෂයේ බලය පමණක් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

ඒ අනුව විකල්ප පාලන ක්‍රමයක් සමග තම පක්ෂය ඊළග ආණ්ඩුව සෑදීමට සූදානම් බව සඳහන් කළ ඔහු තව දුරටත් කියා සිටියේ තම පක්ෂයේ සැලුන් දොරක් නොමැති අතර පවතින්නේ පෙනේරයක් පමණක් බවයි.