මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්ෂ දෙකක නායකයන් වන දිලිත් ජයවීර සහ රන්ජන් රාමනායක අතර පවතින වාග් සංග්‍රාමය දුරදිග යමින් පවතී.
රන්ජන් රාමනායක හොරු ඇල්ලීමට ක්‍රියා කරන බව ප්‍රකාශ කළ ද, හොරු රන්ජන් රාමනායකව අල්ලාගෙන ඇති බවට දිලිත් ජයවීර විසින් ප්‍රකාශ කර තිබිණි. එයට පිළිතුරු ලෙස රන්ජන් රාමනායක විසින් ප්‍රකාශ කර තිබෙන්නේ තමන්ට හොරුන් සමඟ සිටින්නට අවශ්‍ය නම් මුලින් ම සිටිය යුත්තේ දිලිත් ජයවීර සමඟ බව ය.
මේ ආකාරයට එළැඹෙන මහා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අලුත් මුහුණුවරකින් යුත් පක්ෂවල දේශපාලන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාව අතර දැඩි අප්‍රසාදයක් ඇති වෙමින් තිබෙන බවට මාධ්‍ය වාර්තා අනුව හෙළි වී තිබේ.
නව දේශපාලන සංස්කෘතියක් වෙත ජනතාව ගමන් කරමින්, ඉතාමත් සාමකාමී මැතිවරණයක් කෙරෙහි මේ දක්වා රටක් ලෙස ගමන් කරමින් සිටින අතර, මුදල් මත විකිණෙන පක්ෂ සහ නායකයන් මේ ආකාරයට වෙනත් ආකාරයේ ගැටුම් ඇති කරගෙන තිබේ.