ජේආර් ජයවර්ධන ජනාධිපති යටතේ රනිල් වික්‍රමසිංහ ප්‍රබල ඇමති ධුරයක් දරමින් සිටිය දී කිසිවෙකුටත් නොදන්වා ජේආර් රජීව් ගිවිසුම අත්සන් කිරීමට විරුද්ධව රට පුරා පැන නැගුණු මහජන විරෝධතා උද්ඝෝෂණවල දී ගුවන් ප්‍රහාර එල්ල කළ බව දශක තුන හමාරකට පසු හෙළිදරව් වී තිබේ.
මාධ්‍යවේදී උදේනි සමන් කුමාර පසුගිය ඉරිදා මව්බිම පුවත්පතට ලියන ලද ලිපියකින් එම අතීතය හෙළි කර තිබිණි.
එම ලිපියේ සඳහන් කර තිබෙන්නේ “තිස්සමහාරාම පූජා භූමියට සිව් දෙසින් පැමිණි දේශප්‍රේමීන්ට ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදවා වෙඩි තැබූ අතර විශාල පිරිසක් විහාර මළුව තුළ ම වෙඩි වැදීමෙන් මරණයට පත් ව සිටියහ. එය කොටි සංවිධානය ශ්‍රී මහා බෝධියට එල්ල කළ ප්‍රහාරයට දෙවෙනි නොවීය“ යනුවෙන් දක්වා තිබේ.