වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධුරයට පත් වී මේ වනවිට සති 06ක් ගෙවි ගොස් තිබුණද විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැසක නිල වෙබ් අඩවියේ මෙතෙක් ඒ බව සඳහන් කර නැතැයි වෙබ් අඩවිවල ඒ බව සඳහන් කර නැතැයි අනාවරණය වේ.
ඊයේ (03) ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් මේ බව හෙළි කර ඇත.
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, මැලේසියාව, කියුබාව, චීනය, දකුණු කොරියාව, ඉතියෝපියාව, කැනඩාව, කටාර්, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, ඕමානය, ඉන්දියාව, ලේබනනය යන රටවල සිටින ශ්‍රී ලංකාවේ තානාපතිවරු මෙම බරපතල නොසළකා හැරීම සිදු කර තිබේ. මේ අතර රවල් ගණනාවක සිටින ශ්‍රී ලංකාවේ තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන්ගේ දේශපාලන පත්වීම් අහෝසි කිරීමට රජය ක්‍රියාකරමින් සිටින බවද වාර්තා වී ඇත.
තම රටේ ජනාධිපති පිළිබඳව මේ ආකාරයෙන් හිතාමතාම වෙබ් අඩවිය යාවත්කාලීන නොකිරීම ශ්‍රී ලංකාවේ තානාපති සේවය සම්බන්ධයෙන් පවතින විශමාචාර පිළිබඳව ප්‍රබල නිදර්ශනයක් වී ඇතැයි විචාරකයන් පෙන්වා දී තිබේ.