ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බලය ලැබීම සඳහා තව ඉතිරිව ඇත්තේ හරියටම සති තුනක් පමණි.

එලෙස බලය ලැබීමට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට බොහෝ පක්ෂ උත්සුක වී සිටී. ඒ වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සැලසුම් කර තිබේ. එහෙත් එම සැලසුම් මේ වනවිටත් සමාජය හමුවේ දැඩි උපහාසයකට පාත්‍ර වී තිබේ.