මෙම වර්ෂය වෙනුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අවස්ථා 3කදී වෙන්කර ගත් මහජන ධනයෙන් වෛද්‍යවරුන් 3,000කට ආසන්න පිරිසක් බිහි කළ හැකි බව අනාවරණය කෙරේ.

මේ බව අනාවරණය කළේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න විසිනි. පසුගිය 23 වෙනි දින දියතලාවේදී පවත්වන ලද විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ හපුතලේ ආසන සමුළුව අමතමින් ඔහු මේ බව හෙළිකර තිබිණි.

වැඩි දුරටත් කරුණු දක්වමින්

පසුගිය 19 වැනිදා ජනාධිපතිවරයාට පරිපූරක ඇස්තමේන්තුවකින් රුපියල් මිලියන 8750ක අමතර මුදලක් වෙන්කර ගත්තා. මේ වසරේ අයවැයෙන් රුපියල් මිලියන 6600ක් වෙන්කරගෙන තිබුණා. ඊට පස්සේ මාර්තු මාසයේ තව රුපියල් මිලියන 2000ක් ලබා ගත්තා. මුළු වියදම මිලියන 17350ක් වෙන්කරගෙන තිබෙනවා. එක මිනිහෙකුට වෙන්කරගෙන තිබෙන මේ මුදලෙන් රුපියල් මිලියන 100ක් බැගින් යොදවා රෝහල්වල වාට්ටු හැදුවා නම් වාට්ටු 173ක් හදන්නන පුළුවන්. වෛද්‍යවරයෙක් බිහිකරන්න වැය වෙන්නේ රුපියල් මිලියන හයක් කියලා ගණන් බැලුවොත් වෛද්‍යවරුන් 3000කට කිට්ටු ප්‍රමාණයක් බිහි කළ හැකි” බව ආවධාරණය කළේය.