ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව හඳුනා ගැනීම මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගෙන, දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගැනීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ. එතෙක් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයකර තිබෙනවා.