විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ආරක්ෂාව වහා තරකරන ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න රජයට දන්වයි.
2024 ජනපතිවරණයට තරග කරන බවට සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කර ඇති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ආරක්ෂා කිරීමේ වගකීම හා යුතුකම රජය සතු බවද ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කියා සිටියි.
මන්ත්‍රීවරයා රජයෙන් එම ඉල්ලීම සිදුකර ඇත්තේ, ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂක ඩොනල් ට්‍රම්ප් මැතිවරණ ප්රචාරක රැලියකට සහභාගි වෙමින් සිටියදී ඊයේ (14) වෙඩි තැබීමකින් තුවාල ලබා තිබීමේ සිද්ධියත් සමගය.
” මෙවන් බිහිසුණු ක්‍රියාවන් ශ්‍රී ලංකාවේද අතීතයේදී සිදුව තිබෙනවා. එහෙයින් ජනාධිපතිවරණයට සිය අපේක්ෂකත්වය ප්‍රකාශ කර ඇති ප්රජාතන්ත්රවාදී පක්ෂයක එකම නායකයා වන සජිත් ප්‍රේමදාස මහතාට ආරක්ෂාව සැපයීම රජයේ වගකීම හා යුතුකම් වෙනවා” ඉරාන් වික්‍රමරත්න කියා සිටියි.