ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමි වන බැවින් මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ, මැතිවරණ 05කට ප්‍රමාණවත් ලිපි ද්‍රව්‍ය රාජ්‍ය මුද්‍රණාලය සතු බව රජයේ මුද්‍රණාලයාධිපතිනී දැනුම් දුන් බවය.
එමෙන්ම පෙර මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී මුද්‍රණ වියදම හතර ගුණයකින් ඉහළ යන බවත් ඒ සම්බන්ධ දල ඇස්තමේන්තුවක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාවට බාරදීමට නියමිත බවත් මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනි ලියනගේ සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ සිට මැතිවරණය අවසන් වන තෙක් සියලු ආරක්ෂක වැඩපිළිවෙළ සංවිධානය කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද මැතිවරණ කොමිසම සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇත.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇතුළු ජනාධිපතිවරණයට අදාළ සියලු කටයුතු කිසිදු බාධාවකින් තොරව ඉටු කරන බව තැපැල්පතිද එම සාකච්ඡාවේදී එහිදී සඳහන් කර තිබේ.
එමෙන්ම ජනාධිපතිවරණයට අදාළ අයදුම්පත් ඇතුළු ලේඛන මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.