පාර්ලිමේන්තුව යළි රැස්වන ජුනි 4 වෙනිදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩු පක්ෂයට එක්වීමේ සුදානමක් පවතින බව

ඉතා විස්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඒ ආරංචිවලට අනුව ඔවුන් ඉන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා රට හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇතැයි ද පැවසේ.

පාර්ලිමේන්තුව ලබන 4 වනදා සිට 7 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසයි.

පසුගියදා 28 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

එහිදී කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජුනි 4, ‘අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ජුනි 5, ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජුනි 6, පැවැත්වීමට නියමිතය.

kjdh4fg

(TheLeader.lk)