නව රජය බලයට පත් වීමෙන් පසුව දකුණේ අන්තවාදී, ජාතිවාදී පිරිස් මෙන්ම උතුර, නැඟෙනහිර පළාත්වල ශේෂ වී සිටින එම පිරිස් ද ගෙවී යන මෙම සතිය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත.

දකුණේ ජාතිවාදී කණ්ඩායම් ව්‍යාජ වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදාහරිමින්, උතුරේ ‘මහවිරු සැමරුම්’ පිළිබඳව ප්‍රචාරය කරමින් සිටිති. එම ප්‍රචාර ජාතික ආරක්‍ෂාවට පවා තර්ජන ගෙන දෙන ආකාරයේ ස්වරූපයක් ගන්නා බව දේශපාලන නිරීක්‍ෂකයන්ගේ මතය වී තිබේ. ඇතැම් ප්‍රචාර සඳහා රනිල් වික්‍රමසිංහ සමඟ කටයුතු කළ ප්‍රචාරක කණ්ඩායම් එක් වී සිටින බව පැහැදිලි වී තිබේ.

මීට අමතරව නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිසක් ද අලුත් වටයකින් ජාතික ආරක්‍ෂාව පිළිබඳව ව්‍යාජ බියක් ඇති කිරීමට විවිධ ප්‍රකාශ කරමින් සිටිති.