ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍යත්‍රාන්ත්‍රිකයා ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් වන අතර ඔහු ද්විපර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු ඇමති ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිත අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතය.

ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සංචාරයට එක් වන බව වාර්තා වේ.