ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට තරඟ කරනු ලබන්නේම මෙරට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙක් ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සජබ සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින්.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හරහා ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද ඔහු කියා සිටිනවා. මේ ආකාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලද පුද්ගලයන්ට ඉදිරි තම රජයක් යටතේ අධිකරණය හමුවේ උත්තර බැඳීමට සිදුවුණු ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.