1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට්‌ නිවේදනය 2024 ජුලි මස 26 වන දින ප්‍රකාශයට පත් කිරීමට අද (24) දින රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිඳු වගකීමක් නොමැති බව ද ඔවුන් නිවේදනය කරනවා.