ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පවත්වන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බවයි. කොමිසම ලෙස ජනාධිපතිවරණය පවත්වන දිනය මේ වනවිටත් තීරණය කර ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන හෙට හෝ අනිද්දා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙනවා. එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි පැවසෙන්නේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමිවී අදට දින 6ක් ගතවී තිබෙනවා.