ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා. නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසයි.
ශ්රී ලංකාව තුළ මැතිවරණයට පෙර, අතරතුර හෝ පසුව විරෝධතා, පෙළපාලි ඇතිවිය හැකි බැවින් ඇතැම් අවස්ථාවල එවැනි රැස්වීම් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්රචණ්ඩකාරී විය හැකි බවයි පවසා ඇත්තේ. එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්රහාර සහ කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව එරටින් පැමිණෙන සංචාරකයින්ට දැනුම් දී තිබෙනවා.
සාමකාමී රැස්වීම්වලින් වෙත යාමෙන් පවා වැළකී සිටින ලෙස මෙරට සංචාරයේ නිරතවන එක්සත් ජනපද පුරවැසියන්ට නිකුත් කළ නව උපදේශන මාලාවේ දැක්වෙනවා.