වැඩිකළ වැටුපේ ඉතිරි කොටස ඉල්ලීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු සහ ගුරු උපදේශකවරුන්ගේ සහභාගිත්වයෙන් අද (26) කොළඹදී ආරම්භ කළ විරෝධතාවයට කැරලි මර්දන පොලිසිය යොදවා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙලෙස කැරලි මර්දන පොලිසිය යොදවා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග කොටුව අවට තද වාහන තදබදක්ද හට ගෙන ඇත.