රටේ විවිධ ස්ථානවල සිදුවන වෙඩිතැබීමේ සිද්ධිවලට හේතුව යුද සමයෙන් පසුව ඊට අදාළ ගිනිඅවි තවමත් සමාජයේ සංසරණය වීම බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. මෙම ඝාතන සහ වෙඩි තැබීම වැළක්විය නොහැකි වන්නේ එම ගිනි අවි බවයි ඔහු කියන්නේ.
“දැන් ඊයේ පෙරේදා කට්ටිය කිව්වා මොනවා කිව්වත් දෙයක් වෙලා නෑ කියලා. මොනවා කරත් කිසිම දෙයක් නොවුණ විදියට තමා කතා කරන්නේ. මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා ගමින් ගමට යන්න, නගරයෙන් නගරයට යන්න ගිහින් අහන්න මහජනතාවගෙන් ඉස්සර වගේම කුඩු තියෙනවා ද කියලා. ඉස්සර වගේම පාතාලේ ක්‍රියාත්මක වෙනවා ද කියලා. එතකොට හරි තත්ත්වය බලාගන්න පුළුවන්.
මම කියන්නේ කුඩු විකුණන අයට සහ පාතාලේ අයට අපි තිබුණටත් වඩා තදින් ඉදිරියට ක්‍රියා කරනවා. පොලීසියත් STF එකත් මොවුන් පසුපස හඹා යනවා. ඒ අය කොහේ හිටියත් අල්ලනවා.
අතුරුගිරිය සිද්ධියේ අපි අත්අඩංගුවට ගත යුතු බොහෝ දෙනා අරන් තියෙන්නේ. මං හිතන්නේ තව දෙන්නයි ගන්න තියෙන්නේ. ඇඹිලිපිටියේ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සහ රයිඩ යන දෙන්නම අත්අඩංගුවට ගත්තා. අම්බලන්ගොඩ වෙඩිතැබීමේ ඊයේ වෙද්දි අත්අඩංගුවට අරන් ඉවරයි. සිද්ධිය වෙන එක නවත්ත ගන්න බැරි වෙන්නේ යුද්ධයෙන් පස්සේ එළියට ගිය ආයුධ තියෙන නිසයි” බව අමාත්‍යවරයා සඳහන් කරනවා.