රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් බෑණා කෙනෙකුගේ ස්ථාවර බැංකු ගිණුම් 16ක් තහනම් කර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම පරීක්ෂණ දියත් කර ඇති අතර බැංකු ගිණුම් 16ට අමතරව රක්ෂණ ඔප්පු 3ක් සම්බන්ධයෙන් ද වශයෙන් රුපියල් මිලියන 92.125ක මුදල් උපයා ගත් ආකාරය විමර්ශනයට භාජනය කර ඇත.

අල්ලස් කොමිෂන් සභාව දියත් කර ඇති එම විමර්ශන අනුව දැනට හෙළි වී තිබෙන රුපියල් මිලියන 93ට අමතරව වෙනත් දේපළ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. රජයේ රෝහල් සඳහා ඖෂධ ගෙන්වීමේ දී අති විශාල මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබියදීත් කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවකින් ජයග්‍රහණය ලැබීය.