සමගි ජන බල සන්ධානය සඳහා ඊයේ (08) ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට පැමිණ එම සන්ධානය සමඟ එක්වීමට පොරොන්දු දී සිටි පුද්ගලයින් ගණනාවක් අවසන් මොහොතේ මඟහැර ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතරින් විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ රිෂාද් බදියුදීන්, රොෂාන් රණසිංහ සහ ගාමිණි වලේබඩ යන මන්ත්‍රීවරුන් තිදෙනා කෙරෙහි ය. රිෂාද් බදියුදීන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද සමගි ජන බලවේගය සමඟ එක් වී සිටි අයෙකි. ඔහු නැවත ගිවිසුම් ගත වීමට ලබන 14 දින දක්වා කල් ලබා ගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර රොෂාන් රණසිංහ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවන අතර ඔහු ද සජිත් ප්‍රේමදාස සමඟ එක්වනු ඇති බවට අනාවැකි පළ කර තිබේ. මේ අතර දයාසිරි ජයසේකර සමඟ පසුගිය 07 දින ගිවිසුම් අත්සන් කළ අතර 08 වෙනි දින ද නැවත ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව උපහාසාත්මක ප්‍රතිචාර පළ වෙමින් තිබේ.